ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායකවරයා අතර හමුවක්

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර හමුවක් සිදුව තිබෙනවා.

පසුගිය 30 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව සිදුවූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය අද (07) දැනුම් දුන්නේ.

විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව මෙහිදී කතානායකවරයා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

සංවර්ධනය, දූෂණ විරෝධී පියවරයන්, සංහිඳියාව සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ස්විට්සර්ලන්ත තානාපතිනිය විසින් දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර, ඉදිරි කාලය තුළදී ද ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය අපේක්ෂා කරන බව අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05