දිය අනතුරකින් මෙරට සංචාරයට පැමිණි විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු මුදාගැනේ

ගෙවුණු පැය 24ක කාලය තුළ සිදුවෙන්නට ගිය ජීවිත හානි හතරක් ඉන් මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (06) පස්වරුවේ අහුන්ගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු දිය රළට හසු වී ගසාගෙන යමින් සිටියදී එම එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්‍ෂක මනෝජ් ආරියරත්න ඇතුළු නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතය බේරාගත් තැනැත්තා 38 හැවිරිදි රුසියානු ජාතිකයෙක්.

මේ අතර හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ද දිය රළකට ගසාගෙන යමින් සිටි විදේශිකයින් තිදෙනෙකු ඊයේ බේරාගැනුණා.

ඊයේ උදෑසන කාලයේ දී හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරික්‍ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් දුමින්ද, පොලිස් කොස්තාපල් කුමාර හා පොලිස් කොස්තාපල් ජයසිංහ යන නිලධාරීන් විසින් ඔවුන් නිරුපද්‍රිතව බේරාගන්නා ලද බවත් වාර්තා වනවා.

අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 27ක් හා පිරිමි පුද්ගලයින් අවුරුදු 42 හා 71 යන වයස්වල පසුවන රුසියානු ජාතිකයින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?