දිය අනතුරකින් මෙරට සංචාරයට පැමිණි විදෙස් ජාතිකයින් සිව්දෙනෙකු මුදාගැනේ

ගෙවුණු පැය 24ක කාලය තුළ සිදුවෙන්නට ගිය ජීවිත හානි හතරක් ඉන් මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (06) පස්වරුවේ අහුන්ගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු දිය රළට හසු වී ගසාගෙන යමින් සිටියදී එම එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්‍ෂක මනෝජ් ආරියරත්න ඇතුළු නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා ව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතය බේරාගත් තැනැත්තා 38 හැවිරිදි රුසියානු ජාතිකයෙක්.

මේ අතර හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ද දිය රළකට ගසාගෙන යමින් සිටි විදේශිකයින් තිදෙනෙකු ඊයේ බේරාගැනුණා.

ඊයේ උදෑසන කාලයේ දී හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටියදී විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරික්‍ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් දුමින්ද, පොලිස් කොස්තාපල් කුමාර හා පොලිස් කොස්තාපල් ජයසිංහ යන නිලධාරීන් විසින් ඔවුන් නිරුපද්‍රිතව බේරාගන්නා ලද බවත් වාර්තා වනවා.

අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 27ක් හා පිරිමි පුද්ගලයින් අවුරුදු 42 හා 71 යන වයස්වල පසුවන රුසියානු ජාතිකයින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51