AFC Banner
AFC Banner
Empty Ad

කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල හදිසියේ ම ගිනි ගනියි (වීඩියෝ)

කොළඹ – කොටුවේ පිහිටි සුප්‍රසිද්ධ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හට ගත්තා.

මෙම ගින්න ඊයේ (06) රාත්‍රි 9ට පමණ හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහලේ අදාළ ගින්න හටගෙන ඇති බවත් එය මහල් 04ක් දක්වා පැතිර ගොස් ඇති බවත් පැවසෙනවා.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ භටයින් විසින් අදාළ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට සමත් වුණා.

ඊට ගිනි නිවන රථ 04ක දායකත්වය ලැබූ බවත් ගිනි නිවීම් දෙපාර්තමේන්තුව පැවසුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ ද නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?