AFC Banner
AFC Banner
Empty Ad

අයිස් සමග තරුණයෝ දෙදෙනකු කොටුවෙති

ගෙවුණු පැය 24 තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘ අයිස්’ සමග පුද්ගලයින් දෙදෙනකු ප්‍රදේශ දෙකක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඉන් එක් සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (03) පස්වරුවේ බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඔහු 44 හැවිරිදි වියෙහි පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බොරලැස්ගමුව – බෙල්ලන්තර සෝමරතන මාවත කොටසේ දී ද පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කුත් මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගැනුණා.

සැකකරු 22 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?