වාලම්පුරි 10ක් තම මෝටර් රථයෙහි සඟවාගෙන අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගනේමුල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අද (03) දහවල් මෙම වැටලීම සිදු කෙරුණේ ගනේමුල්ල නගරයේදියි.
සැකකරු සන්තකයේ තිබුණු වාලම්පුරි 10 වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවත් වාර්තා වනවා.
තමන් වෙත මෙම වාලම්පූරි රැගෙන ගොස් අලෙවි කර දෙන ලෙස , තමන් නොහඳුනන පුද්ගලයෙකු විසින් කරන ලද ඉල්ලීම මත තමන් ඒවා අලෙවි කිරීමට රැගෙන ගිය බව අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරු 40 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මෝටර් රථය හෙට (04) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1