AFC Banner
AFC Banner
Empty Ad

පියුමි හංසමාලි සහ තාඹුගලගේ බදු වාර්තා ගැන සොයන්න නියෝගයක්

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදුකරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වාර්තාවක් ලබන ජුලි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (03) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළා.

දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් දෙදෙනා බදු පනතට අදාළ වරදවල් සිදුකර තිබේ ද යන්න පිළිබඳව විමර්ශණය කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද (03) නැවත කැඳවූ අවස්ථාවේ දී අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉහත සඳහන් දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය මඟින් නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරතවන අවස්ථාවේ දී එම දෙදෙනා නිවාසවල නොසිටි බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා පෙර නඩු වාරයේ දී අධිකරණයට දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?