සමාජ මාධ්‍යයේ සංසරණයවන ප්‍රභූ රථ පෙරහැර ගැන පොලිසියෙන් දැනුම්දීමක්

ප්‍රභූ රථ වාහන පෙළක් මාර්ගය අවහිරවන ආකාරයෙන් ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අද (03) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවදානයට ලක් වුණා.

ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් පොලිසියේ කරුණු විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන වීඩියෝව පැරණි එකක් බවයි.

මෙය මෑතක දී සිදු වූ සිදුවීමක් නොවන බවත් මීට වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම අදාළ වීඩියෝවේ දැක්වෙන රථ වාහන පෙළ ප්‍රභූ රථ නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.

මේ වනවිට රට තුළ කිසිඳු මාර්ගයක් ප්‍රභූ රථ ගමන් කිරීම සඳහා වසා දැමීමක් සිදුනොකරන බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
28
+1
2
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36