AFC Banner
AFC Banner
Empty Ad

නාමල් සමඟ ගමින් ගමට අනුරපුරෙන් ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමඟ ගමින් ගමට” වැඩසටහන අද (02) අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක නායක හිමියන් ද පිරිසට ආශිර්වාද එක්කර සිටියා.

පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් නිවැරදි කරගෙන සියලු සංස්කෘතීන්ට ගරු කරන හා ආරක්ෂා කරන, පළිගැනීම වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම සඳහා පොදුජන පෙරමුණ ඉදිරියේදී ගොඩනැගෙන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?