19න් පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වෙනවා.

මෙවර අවසන් මහා තරගය සඳහා වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.

මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවැත්වෙන මෙම තරගයේ දී නිකී ප්‍රසාද් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා කණ්ඩායමක් ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබාගෙන ඇත්තේ පළමුවරට වන අතර කෙයිලා රෙයිනෙකේ විසින් එම කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

අද පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් තරඟයේ ජයග්‍රාහකයා අපරාජිතව 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් පළමු කණ්ඩායම බවට ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයක්.

මෙම තරගය අද (02) මෙරට වෙලාවෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39