බස් රථ තුනක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
කළුතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම බලා ධාවනය වීමට නියමිතව ගාල්කර තිබූ බස් රථයක් පුද්ගලයෙක් විසින් පණ ගැන්වීමෙන් පසු එය ඉදිරියට ධාවනය වී කොළඹ බලා ධාවනය වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක ගැටී තිබෙනවා.
අනතුරුව එම බස් රථය පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තවදුරටත් තිරිංග නොමැතිව ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථය තුළ සිටි අයෙක් වන අතර, ඔහු නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.