කළුතර බස් නැවතුම්පොළේ බස් රථය 03ක් සහ ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක්

බස් රථ තුනක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.

කළුතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම බලා ධාවනය වීමට නියමිතව ගාල්කර තිබූ බස් රථයක් පුද්ගලයෙක් විසින් පණ ගැන්වීමෙන් පසු එය ඉදිරියට ධාවනය වී කොළඹ බලා ධාවනය වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක ගැටී තිබෙනවා.

අනතුරුව එම බස් රථය පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවදුරටත් තිරිංග නොමැතිව ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථය තුළ සිටි අයෙක් වන අතර, ඔහු නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43
Video thumbnail
"අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ"..සජබ ආරාධනාව ගැන තලතාගෙන් සැර කතාවක්
06:04
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37