කොළඹ වරායේ නැව් තටාකාංගනයකට වැටී සේවකයෙක් මරුට

කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (31) මෙලෙස තටාකයකට වැටී ඇති අතර, කිමිඳුම්කරුවන් විසින් ඔහුව ගොඩට ගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා ඩොක්යාඩ් ආයතකනයේ උප කොන්ත්‍රාත් සමාගමක සේවකයකු ලෙස සේවය කර ඇති බවයි වාර්තා වුණේ.

මොහු උදෑසන ආහාරයෙන් පසු අත සේදීමට නැව් අළුත් වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේ දී තටාකයට ඇද වැටී ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39