පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්රිත ව පවතින නීතිවිරෝධී ක්‍රියා පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගන්නා බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (29) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී ඛනිජ වැලි සමාගම් පරිශ්‍රයේ නිෂ්පාදන කටයුතු කරන ආකාරය සොයා බැලූ අමාත්‍යවරයා ඒ කටයුතු වඩාත් කාර්යක්ෂ්මව කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ඛනිජ වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම, ගැනුම්කරුවන් සොයා ගැනීම, සේවක ගැටලු වැනි මේ වන විට ඛනිජ වැලි සමාගම මුහුණදෙන ගැටලු පිළිබඳ ව නිලධාරීන් හා සේවකයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ගැටලු ඉතා ඉක්මනින් විසඳාගෙන අගය එකතු කිරීම් සහිතව මේ වටිනා සම්පත ලංකා ආර්ථිකයට වඩාත් ඵලදායී අන්දමින් යොදා ගැනීම ගැන අවධාරණය කෙරුණා.