පිරමීඩ පෙන්වා මුදල් ගැරූ අඹු – සැමි දෙපොළගේ ඇප ප්‍රතික්ෂේපයි

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය” එරාමිරකල් ජෙනිසිස්” නමැති නිත්‍යනුකූල නොවන පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් හරහා තැන්පත්කරුවන් 3000කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 1000ට අධික මුදලක් ලබාගෙන වංචා කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඔවුන් පෙබරවාරි මස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (30) නියෝග කළා.

එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ (55) සහ ඔහුගේ බිරිය වන ගාල්ලේ වඩුගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර අඹු සැමි යුවළ එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

එම ආයතනයට එරෙහිව නව පැමිණිලි 1910ක් සහ නව බැංකු ගිණුම් 65ක් පිළිබඳ ව තොරතුරු ලැබී ඇති බව සහ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කිරීමට තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශ්වයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එම සියලුම තැන්පත්කරුවන්ට අලාභයක් සිදු වී ඇති බව ද මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී තවත් සැකකාර අධ්‍යක්ෂකවරුන් 14 දෙනකු හඳුනාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සැකකාර අධ්‍යක්ෂවරයා හා ඔහුගේ බිරිඳ තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?