සූර් වී ජීප් රිය පදවා අනතුරක් කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

පොලිස් ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරුව එය නොනවත්වා මාර්ගයේ ධාවනය වීමේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ පොලිස් ජීප් රථය ජනවාරි මස 28 වැනි දින රත්මලාන ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එදිනම ගල්කිස්ස පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ජීප් රථය පැදවූ රියදුරු වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එමෙන්ම අදාළ සැකකාර කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ද ලක් ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58