හරක්කටා නිදහස් – නඩුවක් ගොනු කරන්න තරම් සාක්ෂි නෑ

මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළා.

සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලෙසට ද ඊයේ (29) නඩුව කැඳවු අවස්ථාවේදී නියෝග කෙරුණා.

නදුන් චින්තක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පැවරූ පැමිණිල්ලේ ලඝු නොවන නඩු විභාගයේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළා.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී 2016 මාර්තු මස 05 වැනි දින කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර මිනිස් ඝාතනයත් කිරීමට සිදු කිරීමට තැත් කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නදුන් චින්තක ,ටිරාන් ක්‍රිෂාන්ත නොහොත් මංජු සහ ජෝසප් කුමාර යන අය නම්කර ඇතිි අතර ජෝසප් කුමාරය යන සැකකරු පැමිණිල්ල විභාගය අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56