පොල් ගස් ගැන දැඩි තීරණයක් (වීඩියෝ)

මින් ඉදිරියට පොල් ගස් කැපීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ අවසරය අනිවාර්යෙන් ලබාගත යුතු බවට තීරණයක් ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.

රටේ පවතින අධික පොල් හිඟයට පිළියමක් ලෙස මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම අක්කරයකට වැඩි යම් ඉඩමක් වෙනත් ව්‍යාපෘතියක් සඳහා ලබාගන්නේ නම් එම ඉඩම පොල් සංවර්ධන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ රජයේ ඒ සම්බන්ධ ආයතනයක අධ්‍යයනයකින් අනතුරුව අවසර ලබාගත යුතු බව ද සභාපතිවරයා සඳහන් කරනවා.

රටේ පවතින ඉල්ලුමට සරිලන පොල් නිෂ්පාදනයක් රට තුළ නිෂ්පාදනය නොවෙන බැවින් මින් ඉදිරියට වාර්ෂිකව පොල් ගස් මිලියන 02 බැගින් රට තුළ වගා කිරීමට ද අවධානය යොමු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00