ආපදාවක දී සිදුවන ජීවිත හානිවලට මෙතෙක් ගෙවූ වන්දි මුදල ඉහළට

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (21) පැවැත්වුණා.

ඒ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදියි.

ආපදා හේතුවෙන් සිදු වන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට රජයේ අනුමැතිය හිමි ව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127ක පවුල් 5821කට අයත් පුද්ගලයන් 19,032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි.

මේ වනවිට ඔවුන් ආපදා සහන මධ්‍යස්ථාන 17ක රඳවා සිටින අතර, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබාදීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආරක්‍ෂක අමාත්‍යාංශය යන ආයතනවල පූර්ණ අධීක්‍ෂණය යටතේ ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය හා අනෙකුත් සහන සේවා කණ්ඩායම් එක්ව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බවත් අනාවරණය වුණා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක ලේකම්වරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18