නිරිත දිග මෝසම සක්‍රීයයි – ඉදිරි දිනවලත් පළාත් පහකට අඩු නැතිව වැස්ස

උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කාර්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.

ඊට අමතරව දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අත්විය හැකි බව ද ඔහු සඳහන් කළා.

  1. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ පවතින්නේ ඊසාන දිග මෝසම් වැසි.නිවැරදි විය යුතුය.