අල්කයිඩා සහ අයි.එස් ත්‍රස්ත පුහුණුව ලැබූ අයෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල දී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා, අයි.එස් ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයෙක් නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස් වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් රිස්වාන් නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබලදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් ඒ අනුව එම පුද්ගලයාන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළිකරගෙන අත්අඩංගුවට ගත් බව ද ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

සැකකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ද ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56