අල්කයිඩා සහ අයි.එස් ත්‍රස්ත පුහුණුව ලැබූ අයෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල දී පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අල්කයිඩා, අයි.එස් ත්‍රස්ත පුහුණුව ලැබූ සැකකාර පුද්ගලයෙක් නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

සිරියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක ක්‍රියාත්මක අල්කයිඩා හා අයි.එස් වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව කියන පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් රිස්වාන් නැමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අධිකරණ නියෝග මත ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය හමුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වුණා.

අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අනුබලදීමේ චෝදනාව යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ද සැකකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් ඒ අනුව එම පුද්ගලයාන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකාර පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළිකරගෙන අත්අඩංගුවට ගත් බව ද ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවා.

සැකකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ද ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල්තසාර්ට විතරක් බොලේ පාස් කරලා හරියන්නේ නෑ
04:28
Video thumbnail
කොළඹ නගර සභා රැස්වීමේ බලධාරීන් නිදි - කොළඹ ඔයින් බේරුණා ඇති
00:37
Video thumbnail
මාලිමා නගරාධිපති පගා අරගෙන - සාගරගෙන් හෙළිදරව්වක්
14:43
Video thumbnail
අධිකරණ නියෝගය නීති විරෝධීයි - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
09:13
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් CCIBයට ආ ගෝඨා පිටව ගිය හැටි
00:36
Video thumbnail
මහානායක හාමුදුරුවන්ට මොළේ නෑ - මහා නායකකම දීලා අයින් වෙන්න
05:59
Video thumbnail
මරික්කාර් පොල් ගෑවද.. ප්‍රසිද්ධ නාළිකාවට මරික්කාර් කට උත්තර නැතිවෙන්නම දෙයි
04:49
Video thumbnail
ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ථත්වය හොයන්න ඕනේ නෑ
12:26
Video thumbnail
අපේකම කියන්නේ භාෂාව සිරිත් විරිත් විතරක් නෙමේ
02:03
Video thumbnail
ජීවිතේ ලොකු වෙනස්කම් ආරම්භ වෙන්නේ පුංචි තීරණ වලින්
01:52