එක්දින තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ලකුණු 113කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට අද (08) හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජය කල්තියාම තමන් සතු කරගන්නට නවසීලන්ත කණ්ඩායමට හැකියාව හිමිවුණා.

අද තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරගය ආරම්භ කිරීමට පැය දෙකක් පමණ ප්‍රමාද වුණා.

ඒ, හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා වූ අතර, ශ්‍රී ලංකා ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 09ක් දැවී ලකුණු 255ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසි අතර, මෙම තරගයේදීත් ඔවුන්ගේ වගකීම් විරහිත දියාරු පිතිකරණය කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථකවීමට හැකිවූ එකම පිතිකරුවා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණු අතර, ඔහු ලකුණු 64ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 22ක් රැස්කළ අතර, චමිඳු වික්‍රමරත්න ලකුණු 17ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

අවසානයේ පන්දුවාර 30යි පන්දු 02ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 142කට සීමා වුණා.

පන්දු යැවීමේ දී විල් ඕරූක් කඩුලු 03ක් සහ ජෙකොබ් ඩෆී කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව දෙරට අතර පැවති දෙවන එක්දින තරගය ලකුණු 113කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23