රටක හමුදාව පුහුණු කළ යුත්තේ යුද්ධයකට ම විතරක් නොවෙයි – යුද හමුදාපති (වීඩියෝ)

ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ සහ බඳවා ගන්නා නවක හමුදා සොල්දාදුවන්ගේ පුහුණු වීම් අඛණ්ඩ ව සිදු කරගෙන යන බව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො මහතා පවසනවා.

මෙරට 25 වැනි යුද හමුදාධිපතිවරයා වශයෙන් දෙසැම්බර් 31 වැනි දින සිට වැඩ භාර ගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගනිමින්; අනතුරුව මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට අද (04) මහනුවරට පැමිණි අවස්ථාවේ දියි ලසන්ත රොද්‍රිගො මහතා මේ බව පැවසුවේ.

රටක හමුදාවක් පුහුණු කළ යුත්තේ යුද්ධයක දි පමණක් ම නොව හදිසි ආපදා තත්ත්වයක දී ඇතුළු පුළුල් ආරක්ෂණ වැඩසටහන්වලට මුහුණ දීම සඳහා බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම වත්මන් රජය ගෙන යන නව වැඩපිළිවෙළ වන ‘ ක්ලීන් ශ්‍රී ලංකා’ සඳහා හැකි සෑම ආකාරයකින් ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය හිමිවන බව ද යුද හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
4
+1
2
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?