විමල් හා ගම්මන්පිල FCCID වෙත (වීඩියෝ)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිළ මහතා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

අද (03) දහවල් හිටපු අමාත්‍යවරුන් දෙපළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවයි වාර්තා වූයේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය අමෙරිකා එක්සත් ජනපදයේ මිල දී ගෙන ඇති ඇතැම් දේපොළ සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පූර්වයෙන් විමල් වීරවංශ මහතා විද්‍යුත් මාධ්‍යය ඉදිරිපිට සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ව කරුණු විමසීමටයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවා ඇත්තේ.

තම නීතිඥවරයා ලෙස නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටි බව ද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

නැවත පැමිණෙන ලෙසට දිනයක් ලබා නොදුන් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තම පාර්ශ්වයේ අදහස් ලබා දුන් බවත් ඊට අදාළ ලිපි ලේඛන ද පොලිසියට භාරදුන් බව ද වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?