කොට්ටහච්චිට මඩ ගැසූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසයක් සිදු කරන අයුරින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුනි නැතහොත් කෝකිල නමැත්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03) පෙරවරු 9ට පමණ සැකකාර හිටපු මන්ත්‍රීවරයා ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ නිවස පිහිටි බටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

සැකකරුව අත්අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රියේ දී ඔහුගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණිය ද හෙතෙම නිවසේ සිට නැහැ.

පසුගියදා මන්ත්‍රිනී කොට්ටහච්චිගේ නීතිඥවරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය වෙත පැමිණිලික්ක සිදු කරමින් කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එකතු ව සිය සේවාදායිකාවගේ කීර්ති නාමයට හානියක් සිදු වන අයුරින් ෆේස්බුක් හරහා අසත්‍ය ප්‍රචාර පතුරුවන බවයි.

ඇය කොළඹ ප්‍රසිද්ධ යැයි සැලකෙන හෝටල් වෙත ඇතැම් මන්ත්‍රීවරුන් සමග රුපියල් 20000ක මුදලකට රැයක් ගත කර ඇති බවයි එම පෝස්ටුව පළ කළ තැනැත්තා සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර රවීන්ද්‍ර රම්මුතු නමැත්තා අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38