උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සෙවිය යුතුයි – අගමැතිනි (වීඩියෝ)

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත්, කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (02) දහවල් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය;

වර්තමානයේ පාසල්වල උසස් පෙළ පන්ති කාමරවල දරුවන් රැඳී සිටින්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන් පිරිමි දරුවන් අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ දුරට ඈත්වෙමින් සිටිනවා. කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතුයි. පූර්ව ළමා විය සංවර්ධනයේ සිට දහතුන් වසරක පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවකුට ම විවර ව තිබිය යුතුයි. පුද්ගල හා සමාජ පරිවර්තනයක් සිදු කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණක් කර ගැනීම ඉතා වැදගත්.

ජනතාව ඉල්ලා සිටින සමාජ පරිවර්තනය සිදු කිරීම වෙනුවෙන් පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීම හරහා මෙරට දරුවන්ට නව ලෝකයට විවෘත වීමට අවස්ථා විවර කර දීමට අපේ රජය ක්‍රියා කරනවා. සමාජයට වගකියන පුරවැසියකු බිහි කරගැනීම සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සෑම ප්‍රතිපාදනයක් ම අපි සලකන්නේ රටේ ඉදිරි ආයෝජනයක් ලෙසයි. දිගුකාලීන ප්‍රතිලාභ හිමි මෙම සංකීර්ණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා..” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?