බෙරගල මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනකු මරුට -08කට බරපතළයි

එකම පවුලේ සාමාජිකයින් රැගත් වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කළ දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තවත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (31) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ හපුතලේ – බෙරගල මාර්ගයේ විහාරගල තේ කර්මාන්තශාලාව අසල දී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස අනුරාධපුරයේ සංචාරය කර නැවත සිය නිවෙස් පිහිටි හොරණ – රැටියල ප්‍රදේශය බලා ගමන් කරමින් සිට තිබෙනවා.

එක් වරම වෑන් රථය රියදුරුට පාලනය කරගත නොහැකි ව එම රථය මාර්ගයේ අසල පිහිටි ගල් කණ්ඩියක ගැටී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රියෙහි පුද්ගලයින් 15 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

ඉන් දෙදෙනකු එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවත් කුඩා දරුවෙකු හැර අනිත් සියලු දෙනා තුවාල ලබා හපුතලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

තුවාලකරුවන් අතරින් 08 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍යය බවටයි වාර්තා වූයේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06