ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2024 වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම්කර තිබෙනවා.
එම කණ්ඩායම් තුනටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්වීම විශේෂත්වයක්.
2024 වසරේ දී ජාත්‍යන්ත ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් කිරීම සිදුකර තිබෙනවා.
ඒ අනුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත්.
එමෙන්ම වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්වන අතර, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් හහ වනිඳු හසරංග එම ක්‍රීඩාකයින්.
වසරේ එක්දින අන්දයමේ නායකත්වය සඳහා චරිත් අසලංක නම්කර තිබීම ද විශේෂත්වයක්.
මීට අමතරව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම්කළ වසරේ 20-20 කණ්ඩායම සඳහා ද එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ඇතුළත් වන අතර, වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වසරේ විස්සයි විස්ස කණ්ඩායමට නම්කර තිබෙනවා.