වත්මන් රජය රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරන බවට චෝදනාවක්

සමගි ජන බලවේගය විසින් රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අද (26) දිනයේ දී සමගි ජන බලවේගය පවසන්නේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැසි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද මෙය බලපෑ ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටලුසහගත බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වෙන බවත් එහි සඳහන්.

පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ ශීඝ්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදු වෙමින් පවතින බව ද සමගි ජන බලවේගය පවසනවා.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිව ම දක්නට ලැබෙන බවයි සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතික ව සිදුකරන සියලු ම මාරු කිරීම් අත් හිටුවන ලෙසට සමගි ජන බලවේගය විපක්ෂය වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17