මිතුරාට කළ අවවාදය දෙපිටින් ගිය හැටි

මිතුරන් අතර ඇති වූ ආරවුලකින් මැණික් කටුව අසළින් අත වෙන්වන ලෙස එල්ල කරන ලද කඩු පහරකින් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයෙකු ලුනාව රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලටත්, ඉන් අනතුරුව කොළඹ මහා රෝහල වෙතත් ඇතුළත් කර ඇතැයි මොරටුව පොලීසිය පවසනවා.

මොරටුව පොලිස් බල ප්‍රදේශයේ ලුනාවේ පිහිටි රතු කුරුස මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එල්ල කරන ලද කඩු පහරෙන් ඔහුගේ නාසය ද බරපතළ ලෙස තුවාල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ලුනාව දුම්රිය මාර්ගය ආසන්නයේ මිතුරන් සිව් දෙනෙකු එකතුව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී එක් මිතුරෙකු ඔහුගේ පියා සමග බහින්බස් වී ඇති අතර “තාත්තාට එහෙම කතා කරන්න එපා” යැයි තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ මිතුරාට පවසා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවවාදයට උරණ වූ මිතුරා කඩුවක් ද රැගෙනවිත් සිය සගයාට පහර දී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය මාර්ගය ආසන්නයේ සිට මහල් නිවාස සංකීර්ණය දෙසට පැමිණ ඇති අතර මාර්ගය පුරා රුධිරය විසිර තිබෙන අයුරුයි දක්නට ලැබී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 24 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව අපරාධ අංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?