නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පළමු වරට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තේරී පත් වූ වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතා යළිත් ගැටුමකට මැදි වී තිබෙනවා.
දසත වාර්තාකරු පැවසුවේ; කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මෙලෙස නොසරුප් වචනයෙන් නිලධාරීන්ට බැණ වැදී ඇති බවයි.
අද (26) මෙම රැස්වීම කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වුණා.
ඒ ධීවර අමාත්‍ය චන්ද්‍රසේකරන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම රැස්වීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, කිලිනොච්චි දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිසිය, සමාජ සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියා.
එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සහදේව සහ සමාජ ක්‍රියාකාරික තම්බිරාසා අතර විශාල වචන හුවමාරුවක් ඇති වූ බවයි වාර්තා වන්නේ.














කවුද මේ කිලිනොච්චිය දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයා කියන්නේ? එහෙම තනතුරක් ශ්‍රී ලංකාවේ තියෙනවාද?