කෝලිට හිසරදයක් වුණු කැන්ගරු දේශයේ 19 හැවිරිදි පිතිකරුවා

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (26) ආරම්භ වුණා.

අද දිනය මෙම තරගය සුවිශේෂී වන ප්‍රධානතම කාරණයක් වන්නේ ‘ඔස්ට්‍රෙලියානු බොක්සිං දින’ ටෙස්ට් තරගය ලෙස පැවැත්වෙන බැවින්.

මේ හේතුවෙන් තරගය ආරම්භ වූයේ මෙල්බර්න් නුවරදීයි.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රෙලියා කණ්ඩායම පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව අද දින ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් සිව්වැනි ළාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා වෙමින් සෑම් කොන්ස්ටස් ලොව සිටින විශිෂ්ටතම පන්දු යවන්නා වන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා හට අනුකම්පා විරහිත ව පහරදෙන්නට පටන් ගත්තේ ඔහු නවකයෙකු වුව ද ක්‍රීඩාවට නම් ආධුනිකයෙකු නොවන බවට සිය පළමු තරගයෙන් ම ලෝකයට ම විදහා පාමින්.

සිය කුළුඳුල් ටෙස්ට් තරගයේ දී ලොව සිටින සුපිරිතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් වන ඉන්දියාවට එරෙහිව, තම උපන් බිමේ දී ලොව විශිෂ්ටතම පන්දු යවන්නාට එරෙහිව තම මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමට සෑම් කොන්ස්ටස් සමත් වනවා.

මෙම අර්ධ ශතකය ටෙස්ට් අර්ධ ශතකයට වඩා පෙනී ගියේ සීමිත පන්දුවාර තරගයක දී ලබාගන්නා ආකාරයේ වේගවත් අර්ධ ශතකයක් ලෙසින්.

පන්දු 65ක දී සෑම් ලකුණු 60ක් රැස් කරගත්තේ බුම්‍රාගේ පන්දුවාරයකට හයේ පහර දෙකක් ද එල්ල කරමින්.

සිය මංගල අර්ධ ශතකයට සෑම්ගෙන් හතරේ පහර 04ක් ද එක් වුණා.

සෑම් කොන්ස්ටස් දැවී ගියේ ජඩේජාගේ පන්දුවක් හමුවේ.

කෙසේවෙතත් මෙම ළාබාලතම නවකයාගේ පිතිකරණය ඉන්දීය ජ්‍යේෂ්ඨ පිතිකරුවෙකු වන විරාට් කෝලිට නම් සුබ වූයේ නැහැ.

ඔහු සෑම් සමග පිටිය මැද දී උණුසුම් වචන හුවමාරුවක ද පැටලීමට ගත් උත්සාහයක් පිළිබඳ ව සමාජ මාධ්‍යයේ මේ වනවිට (26) වැඩි වශයෙන් කතාබහට ලක් වනවා.

19 හැවිරිදි සෑම් ආරම්භක පිතිකරු වශයෙන් සිය ජ්‍යේෂ්ඨතම සගයා වන උස්මන් කවජා සමග පිටියට පිවිස ක්‍රීඩා කරන අතර 10 වැනි පන්දු වාරයෙන් පසුව කෝලි සහ සෑම් පිටියේ තණතීරුව හරහා ගමන් කරන විට කෝලි සහ සෑම්ගේ උරහිස් එකිනෙක ඝට්ටනය වීමක් සිදු වනවා.

එය අහම්බෙන් සිදු වූවක් නොවන බවයි තරගයේ විස්තර විචාරකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඔස්ට්‍රෙලියානු නායක රිකී පොන්ටින්ග් පැවසුවේ.

කෝලිට ද නවකයා සමග යම් සංවාදයකට අවස්ථාවක් උරගා බලමින් සිටි බවත්; ඔහුගේ පිතිකරණ විලාසය හේතුවෙන් මෙය සිදු විය හැකි බවත් සඳහන් කෙරුණා.

කෙසේවෙතත් සෑම් සහ කෝලි අතර වචන හුවමාරුවක් වන විට දී ම උස්මන් කවජා සහ විනිසුරුවරුන් මැදිහත් ව එය සමථයකට පත් කරන ආකාරය ද දක්නට ලැබුණා.

කෙසේවෙතත් මේ වනවිට සිය පළමු ඉනිම ලකුණු රැස් කිරීම අරඹා ඇති ඔස්ට්‍රෙලියාව කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 223ක් ලබා සිටිනවා.

උස්මන් කවජා ලකුණු 57යි.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් මාර්නස් ලබුශේන්ග් සමගින් ස්ටීවන් ස්මිත් පිටියේ රැඳී සිටිනවා.

ලබුශේන්ග් නොදැවී ලකුණු 67ක් සහ ස්මිත් නොදැවී ලකුණු 33ක් ලබා සිටිනවා.

මුල් කඩුලු දෙක බුම්‍රා හා ජඩේජා හට හිමි වුණා.

තරගාවලියේ පැවති පළමු හා දෙවැනි ටෙස්ට් තරග දෙක දෙපිළ ම සම මට්ටමින් ජය ගත් අතර තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
13
+1
4
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16