2025 අයවැයෙන් මහපොළ රුපියල් 10,000ක් වෙයි? (වීඩියෝ)

2025 වසරට ඉදිරිපත් කිරීමට නියමිත ව මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල රුපියල් 10,000 සීමාව දක්වා වැඩි කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනාවට අදාළ ලිපිය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (23) පෙරවරුවේ දී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දීම සිදු කළා.

පසුගිය කාලසීමාව තුළ රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් වැඩිවීම ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මාසික වියදම ද මේ අනුව ම වැඩි වී ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවසුවේ.

තත්ත්වය එසේ වුව ද විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන සොච්චම් මුදල තවම වසර 10කින් වැඩි වී නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

2015 සිට තවමත් මහපොළ වාරිකය රු.5000 ක් ලෙසත් ශිෂ්‍යාධාර වාරිකය රු 4000ක් ලෙසත් වැඩි නොවී පවතිනු ඇති.

ශිෂ්‍යයෙකුගේ මාසික වියදම් රු.25000 ක් පමණ අගයක් දක්වා වැඩිවුව ද, දෙමාපියන් හට තවත් අමතරව යම් මුදලක් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම දුවට හෝ පුතාට ලබාදිය නොහැකි බැවින් මෙම ඉල්ලීම රජයෙන් සිදු කිරීමට කටයුතු කළ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?