2025 අයවැයෙන් මහපොළ රුපියල් 10,000ක් වෙයි? (වීඩියෝ)

2025 වසරට ඉදිරිපත් කිරීමට නියමිත ව මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල රුපියල් 10,000 සීමාව දක්වා වැඩි කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනාවට අදාළ ලිපිය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (23) පෙරවරුවේ දී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දීම සිදු කළා.

පසුගිය කාලසීමාව තුළ රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් වැඩිවීම ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මාසික වියදම ද මේ අනුව ම වැඩි වී ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවසුවේ.

තත්ත්වය එසේ වුව ද විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන සොච්චම් මුදල තවම වසර 10කින් වැඩි වී නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

2015 සිට තවමත් මහපොළ වාරිකය රු.5000 ක් ලෙසත් ශිෂ්‍යාධාර වාරිකය රු 4000ක් ලෙසත් වැඩි නොවී පවතිනු ඇති.

ශිෂ්‍යයෙකුගේ මාසික වියදම් රු.25000 ක් පමණ අගයක් දක්වා වැඩිවුව ද, දෙමාපියන් හට තවත් අමතරව යම් මුදලක් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම දුවට හෝ පුතාට ලබාදිය නොහැකි බැවින් මෙම ඉල්ලීම රජයෙන් සිදු කිරීමට කටයුතු කළ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58