අලුත් කතානායකවරයා හමුවෙන්න චීනයෙන් එයි

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි, ක්වින් බොයෝන්ග් මහත්මිය පසුගිය දා (18) කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදු වූ බවයි පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය අගයමින් කතානායකවරයා, ක්වින් බොයෝන්ග් ඇතුළු දූත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් මෙහිදී පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු සහයෝගීතාව, තිරසාර සංවර්ධනය, වෙළෙඳාම, කෘෂිකර්මය, කර්මාන්ත සහ අනෙකුත් බහුපාර්ශ්වික කටයුතුවලදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම කතානායකවරයා මෙහි දී අවධාරණය කරනු ලැබුවා.

2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජය කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළා.

විශේෂයෙන් ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගයේ දී චීනය ලබාදුන් සුවිශේෂී සහාය කතානායකවරයාගේ ඇගයීමටවුණා.

ක්වින් බොයෝන්ග් උප සභාපතිනිය, කතානායක ධුරයට අභිනවයෙන් පත්වූ ජගත් වික්‍රමරත්නට සිය සුබපැතුම් එක් කර සිටියා.

ශ්‍රී ලංකාවේ නව රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය දැක්වීමට චීනය සූදානම් බව ඇය මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?