වාහන ආනයනය කිරීමට අද සිට අවසර (වීඩියෝ)

මෙරටට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා යම් තාක් දුරකට ලිහිල් කරමින් එම අවස්ථාව මෙරට ජනතාවට යළිත් උදා වී තිබෙනවා.

ඒ අනුව අද (18) සිට නැවතත් වාහන ආනයනය කිරීමට හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ මහතා ප්‍රකාශ කළේ.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා අද දින සිට මෙරටට වාහන ගෙන්විය හැකි කාණ්ඩ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

ඒ අනුව ආසන 25ට වැඩි අවුරුදු 05කට අඩු බස් රථ මෙරටට ගෙන්විය හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

මීට අමතරව විශේෂ කාර්‍යය වාහන සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය රථවාහන ද ගෙන්වීමේ හැකියාව පවතිනවා.

මේ අතර ලබන වසරේ අප්‍රේල් මස 01 වැනි දින සිට පෞද්ගලික කාණ්ඩයේ වාහන සහ සෙසු වර්ගීකරණ යටතේ ඇති වාහන ද ගෙන්විය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මස 14 වැනිදින අත්සන් තබා ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06