දරු ගැබක් විනාශ කළ වෙදාගේ සැත්කමෙන් මවත් මරුට – අධිකරණයෙන් නියෝගයක්

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදුකළ ගබ්සාවක දී 30 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව කියන සිද්ධියකට අදාළ මරණ පරීක්ෂණය ලබන ජනවාරි මාස 7 දින පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (17) දින නියම කළා.

පිළියන්දල – නාපමුණුව සල්මල් මාවත ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි නුවන්ති මදුෂානි නමැති කාන්තාවක් එසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ සැමියා දෙමටගොඩ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ෆසීර් මොහොමඩ් මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ 2022 වසරේ ඔවුන් විවාහ වී ඇති බවත් එම කාන්තාව 2024 වර්ෂයේ දී ගැබ් ගෙන ඇති බවත් ය.

එසේ ගැබ් ගැනීමෙන් අනතුරුව එම කළලයට මාස 5 ක් ගතව තිබිය දී එම කළලය තුළ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය වෛද්‍යවරු කීපදෙනෙකු වෙත ගොස් පරීක්ෂා කර බලා ඇති බවත් කුස තුළ සිටි දරුවාට කිසියම් සංකූලතාවයක් ඇති බවට එම වෛද්‍යවරුන් ද සිය වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ද නීතිඥවරයා පැවසුවා.

ඉන් අනතුරුව එම අඹුසැමි යුවල කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගොස් එහි සිටි මහාචාර්යවරයකු වන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හමු වී ඇති බවත් දරු ගැබ තුළ සිටින දරුවාගේ වකුගඩුවල පවතින ගැටලුවක් හේතුවෙන් බිරියගේ ජීවිතයට මෙන්ම දරුවාගේ ජීවිතයට ද අවදානමක් පවතින බැවින් දරුවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රුපියල් 250,000 මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරයා එම අඹුසැමි යුවළට දන්වා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

එම අඹුසැමි යුවල ඊට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව අදාළ වෛද්‍යවරයා ඔවුන්ට දෙමටගොඩ – මහවිල ගාර්ඩ්න් නමැති ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් ඉකුත් නොවැම්බර් මස 20 දින එම ස්ථානය වෙත ගොස් ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

සිය සැමියා ද සමඟ එම ස්ථානයට ගිය බිරිඳව එම වෛද්‍යවරයා එහි රඳවා තබාගෙන අඩුවක් යොදා දරුගැබ කෑලි වශයෙන් ඉවත් කර ඇති බවට එම කාන්තාව පැමිණිලිකාර සැමියාට දන්නවා ඇති බවත් ඒ එම සිද්ධියෙන් අනතුරුව ඇයට අධික රුධිර වහනයක් සිදුව ඇති බව ද නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා.

ගබ්සාවෙන් අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් එසේ අසාධ්‍ය තත්ත්වයට පත් ඇයව අදාළ වෛද්‍යවරයා විසින් ඔහු සේවය කරන රෝහල වෙතට ඉකුත් 22 දින රැගෙන යාමෙන් අනතුරුව පැය එකහමාරකට ආසන්න කාලයක දී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.

එම ගබ්සාව සිදුකළ ස්ථානයේ කිසිදු ශල්‍යකර්මයකට සුදුසු ස්ථානයක් නොවන බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

සිය බිරිඳ දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින මොහොතේ ඇයව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන ලෙසට පැමිණිලිකාර සැමියා එම වෛද්‍යවරයාට කීප අවස්ථාවකදීම දැනුම්දී ඇතත් ඔහු එම ඉල්ලීම නොසළකා හැර ඇති වෛද්‍යවරයා ඔහු සේවය කරන පෞද්ගලික රෝහල වෙත ඇයව එසේ රැගෙන ගොස් ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පොලිසිය වෙත දැනුම් දී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

මෙම සිද්ධියේ දී අදාළ වෛද්‍යවරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට සිදුවීම් දෙස බැලීමේ දී පෙනී යන බව ද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35