කැනඩාවෙන් කන්ටේනරයක බහා එවූ කෝටි 100 ඉක්ම වූ කැනබීස් අල්ලයි

මෙරටට කන්ටේනර් භාණ්ඩ බහාලුමක දමා සූක්ෂ්ම අයුරින් නැව්ගත් කර එවූ ගංජා අඩංගු ටින් 20 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු අධිකාරිය සමත් ව තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක; අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ දෙසැම්බර් මස 04 වැනි දින අදාළ කන්ටේනර් රථය ගාල් කර ඇති බවත් රේගු නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් මත කැනඩාවේ සිට නැව්ගත කර එවූ බවට සැලකෙන මෙම කැනබීස් හෙවත් ගංජා තොගය සොයාගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය වවුනියාවේ සහ කළුතර ලිපින වෙත යොමු කර තිබෙනවා.

කළුතර දකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙත එවූ එක් පාර්සලයක ගංජා ඇසිරූ ටින් 08ක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ වාර්තාවට අනුව ගංජා ග්‍රෑම් 5,324ක් සහ වව්නියාවට යැවීමට එවූ පැකට් තොගයේ බර ග්‍රෑම් 1755ක්.

එහි වෙළෙඳපොළ වටිනාකම වෙන වෙන ම ගත් කළ රු. 31,994,000ක් සහ රුපියල් 10,530,000ක් බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සහ අවශ්‍ය නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56