ශ්‍රී ලංකාවේ පොඩ්ඩොන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

විද්‍යාඥයින්ගේ සංගමයේ 80 වැනි සැසිවාරයට සමගාමී ව කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ පාසල් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ තාක්ෂණික ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශනය ඊයේ (11) පෙරවරු 9 සිට ආරම්භ වූ අතර එය අද පස්වරුව තෙක් පැවැත්වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ දියි.

යාපනයේ සිට මාතර දක්වා සියලු පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ නිපැයුම් සමග අයදුම්පත් 2000ක් පමණ එවා තිබූ බවත් ඉන් විශිෂ්ටතම නිර්මාණ 300ක් තෝරාගත් බවත් කොළඹ විශ්වවිද්‍යාලය පවසනවා.

රටක් දියුණු කිරීමට නම් නව නිපැයුම් අත්‍යවශ්‍ය බවත්; ඒවා නිර්මාණය කරන පාසල් සිසු සිසුවියන්ට පූර්ණ සහයෝගය ලබාදීම සිය අරමුණ බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්‍යය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

බොහෝ දියුණු රාජ්‍යයන් දියුණු මට්ටමට පැමිණීමේ දී ඔවුන් සතු වූ ඉහළ තාක්ෂණික නිෂ්පාදන ඉවහල් වී ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16