කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතීන් කඩ කළේ නෑ – අධිකරණය

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නිෂ්ප්‍රභ කළා.

පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, කුමුදුනි වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.

මෙම පෙත්සම නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනු කර තිබූ අතර පසුගිය අප්‍රේල් 30 වැනිදා පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳවූ අවස්ථාවේ ජනාධිපතිවරයාට අග්‍රවිනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

එදින ව්‍යවස්ථාදායක සභාව නිසි ක්‍රියා පටිපටිපාටික් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නා.

ඒ අනුව පෙත්සම් විභාගය ජූලි 25 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද දින නියෝගය ලබා දෙමින් පවසා සිටියේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගත් තීරණය නිවැරැදි තීරණයක් බවයි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී නොමැති බව නිගමනය කළ විනිසුරු මඬුල්ල පෙත්සම රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43