ලෝක ආහාර වැඩසටහන යටතේ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් මෙරටට

ලෝක ආහාර වැඩසටහන යටතේ ‘මියුරියේට් ඔෆ් පොටෑෂ්’ පොහොර මෙට්‍රික්ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා 2024‑05‑06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඊට අදාළ ත්‍රෛපාර්ශ්විය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem -Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් 2024‑09‑20 දින අත්සන් තබා ඇති බවයි අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

එකී පොහොර තොගය රැගත් නෞකාව අද දින මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ නිල උත්සවය අනිද්දා (12) දින කොළඹ වරායේ දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් ‘වී හා වෙනත් භෝග’ සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවීන් වෙත බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21