හෙරොයින් විකිණූ යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘හෙරොයින්’ ජාවාරමේ යෙදුණු ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු සමග තවත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍යය බලකාය පැවසුවේ; මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය ගාල්ල සේනාංක බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (05) දින රත්ගම පොලිස් වසමේ පල්ලිය පිටිය ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

එහි දී හෙරොයින් ජාවාරම් කරමින් සිටි රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 හා 46 වියැති පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 850ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු. 147,210ක මුදලක් ද සොයා ගැනුණා.

සැකකරුවන් සිය ජාවාරම් කටයුතු මෙහෙයවීමට යොදාගත් යතුරුපැදියක් පොලිස් භාරයට ගැනුණු අතර වැඩිදුර විමර්ශන කටයුතු රත්ගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී හෙළි ව ඇත්තේ; මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ යාපනයේ මයිලඩි කඳවුරට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙකු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39