හොරෙන් ගෙනා විදෙස් දුම්වැටි තොගයක් රාජසන්තක කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අද (05) අලුයම් කාලයේ දී ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු විසිනුයි අදාළ දුම්වැටි තොගය රැගෙනවිත් ඇත්තේ.

ඔහු විසින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකරු ගෙනා විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ පනස්දහසක් බවයි හෙළිව ඇත්තේ.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්.

සැකකරු විසින් රැගෙන එන ලද ගමන් මළු 02 තුළ තිබී විදේශීය නිෂ්පාදිත ‘ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 23,000ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සොයා ගැනුණා.

පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වා ඉන් අනතුරුව මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමටත්, මෙම ගුවන් මගියාට තරයේ අවවාද කර නිදහස් කිරීමටත් පියවර ගෙන ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38