හිටපු ඇමති නිමල් සිරිපාලට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් ගොනු වී තිබෙනවා.

අද (04) පෙරවරුවේ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් මෙම පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත සිදු කරනු ලැබූ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එම චෝදනා ප්‍රකාරව හිටපු අමාත්‍යවරයා අයථා ලෙස උපයන ලද වත්කම් ඔහුගේ බිරිඳට, පෙම්වතියට හා හිතවතුන්ගේ නම්වලට බැර කර ඇති බවටයි පැමිණිලිකරුවන් චෝදනා කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පැමිණිලිකරුවන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව පසුගිය ආණ්ඩු සමයේ එළුවන් අභිජනනය කිරීමේ දී සිදු වූ අක්‍රමිකතාවක් සහ සමන්ත විද්‍යාරත්න වේදිකාවේ දී කළ වෙළෙඳ දැන්වීමක් සඳහා කෝටි ගණනක මුදලක් වියදම් කළ බවට කියවෙන තොරතුරක් සම්බන්ධව ද මෙහිදී අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීම අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සාමාජික කාමන්ත තුෂාර විසින් සිදු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58

?