බාලවයස්කාර දරුවෙකු ගොඩනැගිල්ලකින් බිමට පනියි – ප්‍රධාන සැකකරු පලා යයි (වීඩියෝ)

පෙරේදා (13) දහවල් කාලයේ දී කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර් සයිබු වීදියේ නිවසක දෙවන මහලින් පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සිද්ධියෙන් බ‍රපතළ තුවාල ලැබූ 12 හැවිරිදි කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි දරුවා මේ වනවිට (15) කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම දරුවා සිය නිවසේ සිට ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනකු සමග පීර් සයිබු වීදියේ වෙළෙඳසැලකට පැමිණි අවස්ථාවේ එම වෙළෙඳසැල ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට දරුවා තට්ටු කර තිබෙනවා.

එයින් උරණ වූ නිවසේ පදිංචි පුද්ගලයෙකු එම දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවැනි මහලේ කාමරයකට දමා සිර කර ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එහිදී බියට පත් වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී හෙළි ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවත් මෙම අපරාධයට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25