Empty Ad
AFC Banner

මත්ද්‍රව්‍ය මර්දනය රජයේ ප්‍රමුඛ සහ හදිසි වගකීමක් – අගමැතිනිය

නීතිමය රාමුවට පමණක් සීමා නොවී ළමා හා තරුණ සිත් තුළ මනෝභාවමය සහ ආකල්පමය වශයෙන් යහපත් වෙනසක් ඇති කිරීම මඟින් මත්ද්‍රව්‍ය උවදුර ජයගත යුතු ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව ඒ කෙරෙහි විශේෂ වශයෙන් උත්සාහ දැරීමේ ජාතික වගකීමක් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

2024 – සමස්ත ලංකා චිත්‍ර හා සජීවිකරණ වීඩියෝ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (29) කොළඹ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි.

දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කර සිටියා.

ඒ සඳහා නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් කරනු ලබන සේවය ඇගයීමට ලක් කළ ඇය, මත්ද්‍රව්‍ය කෙරෙහි ඇති ආකර්ෂණය පිටු දැකීමේ හා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක කාලීන අවශ්‍යතාව ද පෙන්වා දුන්නා.

දරුවන්ට මත්ද්‍රව්‍ය අවදානම ගැන දැනුම් දීමෙන් එහා ගොස් ඒ ඔස්සේ ඔවුන්ගේ නිර්මාණශීලී කුසලතා ඉස්මතු කරගැනීමට අවකාශ සැලසීම මඟින් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ඔවුන්ට ආධාර කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළා.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර හා වී‍ඩියෝපට ඉදිරිපත් කළ නිර්මාණශීලී දරුවන් ඇගයීමට ලක් කළ ඇය, එම නිර්මාණ කෙරෙන් මත්ද්‍රව්‍ය උවදුර නිසා සමාජය හා දරුවන් ඇතුළු ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග හා ඊට විසඳුම් සෙවීම සඳහා ඔවුන් තුළ ඇති හැකියාව ද විදහා දැක්වෙන බවත් පැවසුවා.

මෙම වැඩසටහන නව දිශානතියක් පෙන්වන ගමනක ආරම්භයක් බවත් සියලු පාර්ශ්වයන් එක් ව ක්‍රියා කිරීමෙන් මත් උවදුර ජයගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා වෙනුවෙන් කිරිඇල්ලගේ දුව පෙරට එයි
Video thumbnail
අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් - ඇයි අහන්න එපා වීඩියෝව බලන්න
08:39
Video thumbnail
දීඝ දන්තුට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා කිව්ව කතාව
01:36
Video thumbnail
කෑගල්ල ඉක්මනින් ගං වතුරෙන් යටවෙන්න හේතුව එළියට
01:35
Video thumbnail
වගාබිම්වලට වන්දි දෙන්න ක්‍රමවේදයක් නෑ - ඇමති නාමල් කියයි
09:03
Video thumbnail
අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
02:22
Video thumbnail
ආශු ජාතික ලැයිස්තුව ගැන කට අරියි
14:18
Video thumbnail
තුෂාර ඉඳුනිල්ට යකා අාවේස වෙයි - සජබය කියන්නේ මගේ ජීවිතේ - එදා ප්‍රකාශය නිසා සජිත් මන් එක්ක තරහයි
10:52
Video thumbnail
ඇයි සහල් පිටරටින් ගේන්නේ ? ගොඩක් හාල්මොල් වහලා දාලා - කෝ මේවට පිළිතුරු - වසන්ත කොහෙද?
05:13
Video thumbnail
චූ කලාට දාගත්ත ගෝරිය - ඔවදනක් දුන්නු වෙළඳසැල් හිමියාට රියදුරන් දෙදෙනෙකුගෙන් ගුටි පූජාවක්...
01:32

?