බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුර ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර, මෙම නව පත් කිරීම 2024-11-28 වනදා දිට බලාත්මක බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

දිස්ත්‍රික් මට්ටමින් මහජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට හැකිවන පරිදි නිලධාරින්ගේ සහභාගීත්වය ලබාගැනීමට ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපතිවරයා හට බලය පැවරෙන බව ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.