ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ සිදු කෙරුණා.
ඒ බත්තරමුල්ල – පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දීයි.
මෙම අවස්ථාවට ඔස්ට්‍රෙලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඔස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් මැතිව් ලෝඩ් මහතා සහ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා එක්ව සිටියා.
මේ වනවිට රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගැනුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1