බදුල්ල KDU බස් අනතුරින් තවත් සිසුවෙක් මිය ගිහින්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් බදුල්ල – මහියංගනය මාර්ගයේ පෙරළීමෙන් පසුගිය දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් මියගොස් තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම සිසුව අද (23) මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ කයිලනාදන් සිංදුජන් නැමැති අවුරුදු 24ක යාපනය, කන්දමඩම් ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්