Empty Ad
AFC Banner
Empty Ad

තරුණ වීරයා සමු අරන් නොවැම්බර් 27ට 10 වසරක් – අදත් හිටියනම් 36 වසක්

එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ සිදු වූ අඳුරුතම දිනයක් ලෙස 2014 වර්ෂයේ නොවැම්බර් 27 හැඳින්විය හැකි වනවා.

ඒ එවකට ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන පිලිප් හියුස් (Phillip Joel Hughes) මෙලොවින් සමුගැනීමේ සිදුවීමයි.

වයස අවුරුදු 25ක් වූ පිලිප් 2014 නොවැම්බර් 25 වැනි දින සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ෂෙෆීල්ඩ් කුසලාන ටෙස්ට් තරගාවලිය අතරතුර සීන් ඇබොට් යොමු කළ පන්දුවක් සිය ගෙලෙහි වැදීමෙන් සිහිසුන්ව බිමට ඇද වැටෙන අතර ඔහුව කඩිනමින් ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළත් කළ ද; දැඩි කොමා තත්ත්වයකින් පෙලුණු පිලිප් හියුස් එම වසරේ නොවැම්බර් මස 27 වැනි දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වනවා.

සීන් ඇබොට් යොමු කළ දැවැන්ත බවුන්සර් පන්දුව පිලිප් පැළඳ සිටි ආරක්ෂක හිස් වැසුමට යටින් වූ පෙදෙසෙහි තදින් ගැටීමෙන් කශේරුකා ධමනි ඡේදනයක් සිදු වී රුධිර වහනයක් අභ්‍යන්තරය තුළ සිදුවීමෙනුයි ඔහු ජීවිතක්ෂයට පත් වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීම සමස්ත ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ඉතිහාසයේ සේ ම ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ ලියැවුණු සංවේදී ම සිදුවීමක් වන අතර ඔහුගේ ජන්ම දිනය සහ විපත ද නොවැම්බර් මාසයේ යෙදී තිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිලිප් හියුස් ව සිහිපත් කරමින් ගුණානුස්මරණ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එළඹෙන ෂෙෆීල්ඩ් කුසලාන තරග තුන පුරා ම සමස්ත ක්‍රීඩකයින් හියුස්ට උපහාර දැක්වීම පිණිස අත්වල කළු පටි බැඳ ගැනීමටයි තීරණය කර ඇත්තේ.

පිලිප් හියුස්ගේ අභාවයෙන් වසර 10ක් පිරීම නිමිත්තෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ධජය අඩකුඹු කිරීමට ද නියමිතයි.

එමෙන්ම පිලිප් හියුස්ගේ ජන්ම දිනය ද නොවැම්බර් මස 30 වැනි දිනට යෙදී තිබීම නිසා එය ද ඔහුට ගෞරවයක් වශයෙන් සිහිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම මෙම ෂෙෆීල්ඩ් කුසලාන තරගාවලියේ දී සෑම තරගයකම සිව් වැනි දිනයේ දී ක්‍රීඩා කිරීමට පෙර පිලිප් හියුස්ව සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවක් ද පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම මේ දිනවල සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩකයින් කළු පටි බැඳ ගනිමින් හියුස්ව සිහිපත් කරනු ඇති.

හියුස් වෙනුවෙන් ඔහුගේ පවුලේ අය සමඟ එක්ව වාර්තා චිත්‍රපටයක් ඔහු වෙනුවෙන් රූගත කර ඇති අතර, ඉන්දු – ඔස්ට්‍රෙලියා දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට පෙර එය විකාශය කෙරෙනවා.

පිලිප් හියුස් ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු ලබාගෙන ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව 160ක් වන අතර ඊට ටෙස්ට් ශතක තුනක් සහ අර්ධ ශතක 07ක් ඇතුළත්.

එක්දින තරග 25කට එක්ව තිබෙන හියුස් නොදැවී ලකුණු 138ක් ලබා ගැනීම ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිමයි.

පිලිප් හියුස්ට ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයකට පමණක් ක්‍රීඩා කිරීමට සිය ක්‍රිකට් ජීවිතය තුළ හැකි ව තිබෙනවා.

ටෙස්ට් තරගයක දී සෑම ඉනිමක දී ම ශතක ලාභියෙකු වීම, එක්දින මංගල තරගයේ දී සිය මව්බිම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීම ආදි පිලිප් හියුස් හට හිමිව තිබෙන වාර්තා අතර වනු ඇති.

පිලිප් හියුස් වර්ෂ 1988 නොවැම්බර් මස 30 වැනි දින ඔස්ට්‍රෙලියාවේ නිව්සවුත් වේල්ස් හි දී උපත ලැබූ අතර ඔස්ට්‍රෙලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට අමතරව ප්‍රාන්ත ක්‍රිකට් අතර ද ඉහළ වාර්තා තැබුවෙක් ලෙස මෙන් ම දක්ෂ කඩුලු රකින්නෙකු ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

පිලිප් හියුස්ගේ මරණය සිදු වන විට එවක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය මයිකල් ක්ලාක් විසින් හොබවනු ලැබුවා.

එමෙන්ම අදටත් ඔස්ට්‍රෙලියානු බොහෝ ක්‍රීඩකයින් පිලිප් හියුස්ව හදවතින් ම සිහිපත් කරන අතර මැතිව් වේඩ් වැනි ක්‍රීඩකයින් තම ආදරණීය සගයාව සිහිපත් වීම පිණිස ඔහුව සිය අත්වල ටැටූ නිර්මාණයක් ලෙස ද සටහන් කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?